ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය
මෙම රන් සන්නස වර්ෂ 1936 දී සොයා ගැනුණි .යාපනයේ වඩමරාච්චි පළාතේ පිහිටි විෂ්ණු දේවාලයක අලුත්වැඩියාවක් සදහා පොළව හාරනවිට අහම්බයකින් හමුවූ මෙහි දිග අගල් තුන හමාරකි පළල අගල් එකකි තනි රන් තහඩුව ක් වූ මෙහි රන් බර ග්රේන්ස් හැටනමය හමාරකි
මෙයට පෙර 1900 වර්ෂ යේදී මෙම දේවාලයට යාර පනහක් පමන දුරින් ඊසාණ දිගින් අඩි අටක් පමන උස හිටි බුදුපිළිම යක්ද හමුවිය එබැවින් මෙම දෙවොල් බිම පිහිටි ස්ථානය පුරාණ බ්‍යෙද්ධ විහාරය ක් සහිතව සිංහල බ්‍යෙද්ධ යින් වාසයකළ පළාතක් බව සනාථවිය
සන්නසෙහි භාවය මෙපරිදි ය
////////////////////////////////////
////////////////////////////////////
සිධ මහරජ වභයහ රජෙහි අමෙතෙ
ඉසිගිරයෙ නකදිව බුජමෙහි
බදකර අතනෙහි පියගුක තිස
විහර කරිතෙ
ඉසිගිරයෙ නකදිව බුජමෙහි
බදකර අතනෙහි පියගුක තිස
විහර කරිතෙ
යහපතක් ම වේවා වසභ මහරජු රජකරන කාලයෙහි ඉසිගිරිය නම් අමාත්‍යවරයා නගදීපය පාලනය කරමින බදකර නම් ස්ථානයෙහි පියගු තිස්ස නම් විහාරය කරවන ලදී
එසමයෙහි මුළු යාපනය අර්ධද්වීපය ම නකදිව් (නාගදීපය) වශයෙන් ව්‍යවහාර කරනලද බව දත යුකුය කි. ව. දෙවන සියවසේදී අදිනලද ටොලමිගේ ලංකා සිතියමේද නාගදිබ් වශයෙන් සදහන්වේ
හෙළ වාපි කර්මාන්තයේ පුරෝගාමි මෙහෙවරක් ඉටුකරමින් රට ජාතියට මහගු සේවාවක් සිදුකල අති ශේෂ්ඨ පාලකයෙක් වූ වසභ මහරජතුමා ගේ රාජ්‍ය වර්ෂය කි ව 65--- 109 අතර වශයෙන් තහවුරු කරගෙන ඇක මෙලෙස කි ව 01 වන සියවස වන විටත් යාපනය අර්ධද්වීපය සහික මුළු දිවයිනම එනම පාලකයෙකු යටතේ වූබවත් යාපනය උප රජකෙනෙකු යටතේ පාලනයවූබවත් යාපනය පුරා හෙළ බොදු ජවාවාස පිහිටි බවත් නොබිඳිය හැකි සාක්ෂි යක්ව පවතියි
දීර්ඝ කාලයක පටන් දෙමළ ජනතාව යාපනයේ වාසය කළ බවට කරුණු දක්වමින් ව්‍යාජ ඉතිහාසය ක් පෙන්නූ දෙමළ ජාතිවාදීන් ගේ නිජභූමි සංකල්පය වල්ලිපුරම් රන් සන්නස නිසා පුහු තර්කයන් බවට පත්විය
තවද ඉතා ඈත අතීතයේ පටන් රත්රන් භාවිතා කරමින් සන්නස් සකස්කිරීමට කරම් හෙළයින් ආර්ථික හා සාමාජීය වශයෙන් ඉතා දියුණු ජනතාවක් බවත් පැහැදිලි විය .
බදකර අතන යන නම වල්ලිපුරම් ගම සදහා ව්‍යවහාර කරනලද පැරණි නාමය විය හැකිය කි ව 05 වැනි සියවසේදී මහානාම රාජ්‍ය කාලයේදී හෙළදිවට පැමිණි බුද්ධ ඝෝෂ නමින් කියවෙන දෙමළ අටුවාචාරීන් විසින් හෙළටුවා පාළිපාඪ වලට හරවාගැනීමෙන් පසු ඉක්බිති ව එළබෙන දෙමළ රාජ්‍ය පාලන සමයේදී මහාවිහාරවාසී මහාසංඝයාවහන්සේලා ද මුලාකර හෙළටුවා ගිනිතබන්නට කරැණු යෙදූ බැවින් මේ හෙළදිව පුරා පිහිටියාවූ බ්‍යෙද්ධ ස්ථානවල ට ව්‍යවහාර කරනලද සිංහල නම් ගම් සොයාගැනීම අතිශය දුෂ්කර වී අවුල්වී ඇති බව දත යුතුය බුරුමයේ ලියනලද බ්‍යෙද්ධ පොතක හෙළටුවා ගිනිතැබීම පිළිබදව සම්පූර්ණ විස්තරයක් සදහන්ව ඇක
වල්ලිපුරම් රන් සන්නස ලංකාණ්ඩු වට ලැබුණේ 1991 වර්ෂ යේදීය එතෙන් එය දෙමළ ජාතිකයෙකු විසින් ලංඩනයේ බැංකුවක තැම්පත්කර තිබුණි වල්පොල රාහුල හිමියන් විසින් එය ලබාගෙන එවක ලංකාණ්ඩු ජනාධිපති තැන්පත් රනසිංහ පේමදාස මහතාට භාරදෙමින් ජාතිය සතුකරන ලදී

Comments
Post a Comment