බුදුන් වහන්සේගේ දකුණු සිරිපතුල පිහිටි මක්කම
ආදී කාලයේ මක්කම නමින් හදුන්වන ලද්දේ මන්නාරම් ( මාන්තෙයි / මාතොට) සිට කල්පිටිය දක්වා ඇති පදේශයයි කි ව 140 දී ටොලමි විසින් අදිනලද ලංකා සිතියමේ මර්ගන නගර් වශයෙන් දක්වා ඇත . හෙළදිව විහාර ලේඛන ගතකර තිබුණ නම්පොත හෙවත් විහාර අස්න පොතේ මක්කම ගැන මෙලෙස දක්වා ඇත .
------------ ඇත්තල මක්කම මන්නාරම මාන්තෝට්ටම් පොම්පරිප්පු මල්විල වශයෙනි
මක්කම පිහිටවූ දකුණු සිරි පතුල ගැන කියවෙන ජනකවි රාශියක් හෙළ ගැමි සාහිත්‍යයේ ඇත
ලකුණු බලාලා මහමෙර එල්ලේයා
වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
ඉසිණු බුදු සිරිත් මහමෙර ලෙල්ලේයා
දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා
-------------------------------------------------------------
වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
ඉසිණු බුදු සිරිත් මහමෙර ලෙල්ලේයා
දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා
-------------------------------------------------------------
ලස්සන සෝබන සමගම බබලන
මක්කම සිරිපා සමන.ල වැදගෙන
විස්තර තලමල කිනිති පෙළින් පෙළ
විස්තර තලමල පච්චල වෙලමැද
මක්කම සිරිපා සමන.ල වැදගෙන
විස්තර තලමල කිනිති පෙළින් පෙළ
විස්තර තලමල පච්චල වෙලමැද
කි ව 1400 දී ලයැවුණු කොකිල සංදේශයේ මක්කම අසිරිය මෙලෙස සටහන් කරයි.
ගත විසිතුරු සරහන ගල පදක්කම
කර වනතුරු ලියනෙක රුසිරු වැක්කම
සැදි විසිතුරු තුරුලිය මග දෙපස එක්කම
බල මා මිතුරු සද ඇත්තාල මක්කම
----------------- ------------/--
දත්තිල නම් වෙළෙඳ සිටුවරයාගේ වැවේ ආදායම මක්කම පන්සලේ වාසයකළ භික්ෂූන් ගේ සිවුපසය සදහා පරිත්‍යාග කළ බව සදහන් සෙල්ලිපියක් සෝමාවතිය විල්ලුව මින්විල නම් පදේශයෙන් සොයා ගත් ආචාර්ය ජයතිස්ස පතිරආරච්චි මහත්මා ඒ බව එතුමාගෙ ලේඛන යක දක්වා ඇත.
කර වනතුරු ලියනෙක රුසිරු වැක්කම
සැදි විසිතුරු තුරුලිය මග දෙපස එක්කම
බල මා මිතුරු සද ඇත්තාල මක්කම
----------------- ------------/--
දත්තිල නම් වෙළෙඳ සිටුවරයාගේ වැවේ ආදායම මක්කම පන්සලේ වාසයකළ භික්ෂූන් ගේ සිවුපසය සදහා පරිත්‍යාග කළ බව සදහන් සෙල්ලිපියක් සෝමාවතිය විල්ලුව මින්විල නම් පදේශයෙන් සොයා ගත් ආචාර්ය ජයතිස්ස පතිරආරච්චි මහත්මා ඒ බව එතුමාගෙ ලේඛන යක දක්වා ඇත.
( වණිකධි දතිල වපියෙ ඉම (ආදායම) මගණ නගරෙ විහරිය දිනි .( සෙල්ලිපි ය අග නැවක ලාංජනයක් ඇත)
දකුණු සිරි පතුලට සිදුවූයේ කුමක්ද.???
/=======================================
/=======================================
මේ සම්බන්ධ මත කීපයක් ඇත්තේය
01 ආදියේ පටන් මෙම පළාතේ වෙළෙද ජනාවාස විය. මන්නාරම (මාන්තෙයි . මාතොට) එවක ලෝ පරසිදු වෙළෙද වරායක් විය. එක් කලෙක මෙම පළාත් හරහා සිදුවූ විශාල සුනාමියක් හෝ දරුූණු සුළිසුළඟ් වැනි භ්‍යෙතික කියාකාරමක් නිසා මේ පළාත් ක ලක් ජන ශුන්‍ය විය. රටේ මෙම තත්වය නොදැන මේ පළාතට හදිසියේ ගොඩ බැස්ස මුස්ලිම් වෙළෙද කණ්ඩායමක් මුලු පළාතම පාලු ජනශුන්‍ය බව දැන එතෙක්කල් බෞද්ධ යින් විසින් වන්දනාමාන කරන ලද බුදු සිරිපා පහස ලද සිරිපතුල් ගල නැවක පටවා අරාබියට ගෙනගිය අතර කාලයක් එය මැකාවලට ආසන්න අබු කුබොස් කන්දේ තැන්පත් කර ඇත . පසුව කි ව 500 න් පසු මොහමඩ් තුමාගේ ධර්මය පචාරයත් සමග මැකා වල ඇති කාබාවේ තැන්පත්කර වැදුම් පිදුම් කරති . ගල උඩ හිටගෙන කාබාවසෑදූ ඉබාහිම්ගේ පාඑරී කළුගලේ පා ලකුණ සටහන් වීයැයි යන පබන්දයට මුල්වී ඇත්තේ ගලේ පිහිටුවා තිබුණු බුදු සිරිපා ලකුණයි.
02 වර්ෂ 1500 දී ලංකාව ආක්‍රමණයකළ පෘතුගීසින් ගේ ජෙසුයිට් දේවස්ථානයක් සහ සාමාන්‍ය ජනාවාස කීපයක් වර්ෂ 1659 දග්වා කල්පිටිය අවට පිහිටා තිබුණු අතර එම වසරේ අවසාන භාගයේ දී ලන්දේසින් එම ස්ථානය ට පහරදී අල්ලා ගත් බව ඓතිහාසික ලේඛන සාක්ෂි දරයි මෙම කාල වකවානුවේදී සිරිපතුල විනාශ කරන්නට ඇති බව තවත් මතයකි
03 මන්නාරම කල්පිටිය අතර හමුදා කදවුරැ පිහිටි පදේශයේ ගොඩනැගිලිවලට හෝ දේවස්ථාන වලට යටවී උත්තම වූ බුදු සිරිපා පහස ලද එම සිරිපතුල තවම ආරක්ෂිත ව ඇතිබව අනෙක් මතයකි.

Comments
Post a Comment