පනාකඩුව තඔ සන්නස

වර්ෂ 1948 එක්තරා දිනයක නැගෙනහිර මොරවක් කෝරළයේ පනාකඩුව ගාමයේ පිහිටි තුන්බෑවුල විහාර ලෙනළග තිබී කරෝලිස් අප්පුහාමි නැමැත්තාට හමුවූ බව සදහන්වන මෙම ඓතිහාසික තඔ නහඩු ලේඛනය දැනට ලැබීඇති ඉපැරැණි ම තඔ සන්නසයි එය බරින් රාත්තල් දෙක හමාරක් පමන වනඅතර දිගින් අඩි එක හමාරක් පමනවේ . පළල අගල් තුනක් පමනය.
මීයන් කන පත්වල නොලියා තඔපත්වල ලිවීම ආරම්භ කෙළේ තමන් යැයි කියූ නිශ්ශංක මලල රජුගේ කියමන මෙම ලේඛනය ලැබීමනිසා අසත්‍යයක් විය නිශ්ශංක මලලට සියවසකට පමණ පෙර රාජ්‍ය විචාළාවූ මහවිජයබාහු රජතුමාගේ 27 වැනි රාජ්‍ය වර්ෂයේදී මෙය නිකුත් කර ඇත
සියවස් අටහමාරකට වඩා ඉපැරණි වූත් සිංහලෙන් ලියනලද්දාවූක් රාජ අණක් වූ මෙම මාහැගි ලේඛනය තවත් එවැනි සන්නස් අතර විශිෂ්ට ස්ථානයක් අත්කරගනියි
කි ව1029 සිට කි ව 1079 දක්වා අඩසියවසකට වැඩි කාලයක් හෙළදිව යටත් කරගෙනසිටි බලසම්පන්න චෝළ අධිරාජ්‍යයෙන් මෙරට නිදහස් කරගක් කීර්කි කුමාරයා ආරක්ෂා කර පෝෂණය කරනලද්දේ නැගෙනහිර මොරවක් කෝරළයේ පනාකඩුව ගාමයේ විසූ බූදල්නා නොහොත් බුද්ධරාජ නම් විරුවකු විසින්ය පසුකළෙක කීර්ති කුමාරයා වර්ෂ 1055 දී මහ විජයබාහු නමින් හෙළදිව රජ පැමින බූදල්නා විරුවාට හා ඔහුගේ පරපුරට දෙනලද රාජ්‍ය වරප්‍රසාද මේ තඔ සන්නසින් හෙළිවෙයි කීර්ති කුමාරයා පමනක් නොව ඔහුගේ පියානන් ඇතුළු මුඵ රජ පවුලමසොළී ආක්‍රමණය නිසා රජකම අහිමි ව වනවැදී ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගෙවද්දී ඔවුනට රැකවරණය සහ ආරක්ෂා ව ලබාදී වන පල ආදී ආහාර ලබාදී පෝෂණය කරවනලද්දේ බුදල්නා නම් රණවිරු වා විසින් යයි යන ඓතිහාසික පුවතද මෙම සන්නස ලැබීමත් සමග යථාර්ථයක් බවට පත්විය
පනාකඩුව තඔ සන්නස( වැදගත් කොටස් පමනක්)
----------------------------------///////////////---------------------------------------
ස්වස්ති සිරි සිරිවත් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුඵ දඔදිව්හි -------- ------ ------ ---- සිරිසගබෝ විජයබාහු රජපාවහන්සේතුමා සිය වික්මෙන් දෙමෙළ බළ මුඵ අන්දුරු දුරලා සවිසි හවුරුද්දක් ඉකුත් සත් ලැගු සත්විසි වන්නෙහි කැත්තෙ සන්ද අව වප්මස්හි අව සතවක් දවස් -----------/---------
හාපු පළ තෙද යස පබන්දා දසන් මෙරජ වැළලකුළු ලවන් පාමින් රූණු දඩනායක සිත්තරැබිම බූදල්නා වන් අප සොළී දෙමළුන්ගෙ විබලයෙන් පිරිහී ගල්වල වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජපා වහන්සෙ ඈ මුළු රජකුල සිය පිරිස්නෙන්රැකැ අප සගවියෙහි වඩා වනමුල් පලාහරණෙන් පුසැ ඇතුන් ඇතුන් තන්හි මගමින් ඇසිරෙන විපකුන් කෙරෙන් වළහා තන්හි තන්හි විගහ බැන්ද රුහුණු දනවු පෙරළා එකත්කොට ගල්වලින් බහා සිය රජහි පිහිටුවා දුක් වූවන් පශාදයට මෙකුන් දරු මුනුබුරන්ව මෙකුන්ගෙ අන්වය ආවුසෙද
දඩ මුඩු ගතයුතු දෙෂයක් කළද බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඩමුඩු නොගන්නා දැහැලා තොපට වනු දිවිදි මිස නොමුස්නා වරදකුදු ඇත තුන්වරක් දක්වා සමාකරනු කොට් පෙත පමුණු නොගන්නාකොට් යම් පමණ දොශයකුදු කළ අභයදී දැකැපියවත් මුත් නිග්‍රහ නොකරනුකොට මෙ වැවස්ථා අප සිය කැත් කුලෙහි ඔකාවස් රජ පරපුර පුවත්නා තාක් සාසන කොට දෙන්නෙය් කිළිගුනා විනිතාරා දෙටුන් මෙගම්නා විනීතුන්දා දෙටුන් දක්වා වදාළෙයින් රුහුණු දඩනායක සිත්කරු බිම් බූදල්නා වන් වැඩිකැන් සගවියෙහි වඩමින් ලොවැඩ වඩා මුළු රජකුල සැමැගැ රකිමින් මුළු ලොය් දිවි රැකැ වනමුල් පලාහරණෙ න් පුස්මින් මුළුලොයි පුසැ වැඩතැන් සියැ රැජැහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට දුක්වුන් පසාදයට------------- ------ ---- ------- "
මේවූකලී මෙරට ශේෂ්ඨ නරවිරුවකු විසින් කළගුණ සැලකීම පිළිබදව අනාගත ලෝකය වෙත සපයන ලද ආදර්ශ තිළිණයකැයිද සලකනු වටී

Comments

Popular posts from this blog

ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

සිව්හෙළය

ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය