වල්ලිපුරම් බුදු පිළිමය

වල්ලිපුරම් රන් සන්නස හමුවූ ඉහත කී විෂ්ණු දේවාලයට යාර පනහක් පමන දුරින් .බුදුපිළිමයක් හමුවිය .ඒ රන්පත හමුවීමට පෙර එනම් 1900 වර්ෂ යේදීය .මෙය අඩි අටක් පමන උස හිටි බුදුපිළිමයක්ය .එහි වම් අත මැණික් කටුව ළගින් කැඩී ඇත කි ව 2 3 සියවස්වලට අයත්ය
යාපනය උද්‍යානයේ පිහිටි බෝධිය ක් සෙවනේ තබා තිබුන මෙම බුදුපිළිමය වර්ෂ 1916 දී එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩු කාරයාවූ හෙන්රි බ්ලෙක් විසින් එකල සියම් රට රජකළ 4 වැනි රාම රජුට පරිත්‍යාග කරන ලදී. දැනට මෙම බුදු පිළිම ය තායිලන්තයේ ( සියම් රට) බැංකොක්හි ගරැඪ පාෂාණ විහාරයේ තැන්පත් කරඇත. ග
මෙම බුදුපිළිමය නිල්වන් කොළ පැහැය සහිත දිළිසෙන කිරිගරුඪ පාෂාණ වර්ගයකින් නිමකර ඇක. වව්නියාව පළාතෙන්ද මෙවැනිම බුදුපිළිම හමුවී ඇත . තවද තිස්සමහාරාමය යටාල වෙහෙරෙන්ද වාර්ථා වෙයි . මෙම සම්ප්‍රදායට ම අයත් මහඉලුප්පල්ලම බුදුපිළිමය ද මෙවැනි සුවිශේෂී පිළිම අතරින් විශිෂ්ඨතම කළා සම්ප්‍රදායට ..නෑකම් කියයි

Comments

Popular posts from this blog

ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

සිව්හෙළය

ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය