චතු සංවේදනීයස්ථාන ඉතිරි කොටස





02 තථාගතයාණන් වහන්සේ බුද්ධත්වය ට පත්වූ ස්ථානය
========================================================
මහණෙනි ඒ මම සත්‍ය කුමක්දැයි සොයමින් උතුම් නිවන සොයමින් මගධ ජනපදයෙහි අනුපිළිවෙළින් චාරිකා කරමින් උරුවෙලා වෙහි සේනානි ගමට පැමිණියෙමි එහි රමණීය බිම්කඩත් සිත්ගන්නා වන රොදත් සුදුවැලිතලා අැති මහා තොටුපොල සහිත ගලන ගග ත් හාත්පස ගොදුරු ගමත් දිටිමි මට මෙසේ සිතුණි භූමි භාගය සැබවින්ම රමණීයයි වනරොද පසාද සහගතය ලස්සන ගග ගලා බසී . හාත්පස ගොදුරු ගමයි මහණෙනි ඒ මම මෙතැන පධන් වීර්යය වැඩීමට සුදුසු තැනයි එහිම නතරවීමි .
මජ්ක්ද්ධිම නිකාය
අරිය පර්යේෂණ සූත්‍රය
මෙම විස්තරය හෙළදිව හිරිවඩුන්න සිරි බෝදිරුක්ෂාරාමය පිහිටි වනපෙදෙසට සාකල්‍යයෙන්ම ගැලපෙයි මේ පූර්වයේ උරුවෙලා ගම වූ උත්තරාරාමය යි
ඓතිහාසික සාක්ෂි කීපයක් මෙලෙස සටහන් කරමු

====================================================
01 වජ්රාසනය සහිත උතුම් වූ අති පැරණි සිරි මහ බෝධීන් වහන්සේ ( එවක මේ පලාන පාලනයකළ මුචලින්ද නම් නාග ගෝත්‍රික රජතුමා විසින් බෝමැඩ පාමුල සාදාදුන් ඔපදමන ලද ගල් ආසනය අදටත් බෝධිය පාමුල ජීවමානව පිහිටියේ ය.
02 බෝසතුන් වහන්සේට සාදාදුන් සක්මන් මඵව (රුවන් සක්මන )
03 වැස්සෙන් ආරක්ෂාවට තනිකලුගල් කුට්ටි කපා සකස්කොට දුන් කුටියේ සහ ආසනයේ නටඔුන් .
04 සුජාත සිටු දියණිය කිරි ආහාර පූජාකළ තැන ගල් සුටිය සහ නුග ගසේ පසුකාලීන ශාඛා වක්
05 නුදුරින් කස්සප නම්ලත් ගමක් පිහිටා ඇත උරුවෙල ගයා කස්සප අාදි වශයෙන් කියවෙන තවුසන් වාසය කළ ඒවායයි සිතියහැකි අාරාමවල . නටඹුන් වනය තුළ ඇත
06 හිරිවඩුන්න ට උඩින් උඩංගාව නම් ගමක් පිහිටා ඇත ( පාත්‍ර ය උඩුගං බලා ගිය දිසාව දැනගැනීමට එකල මිනිස්සු ගම්කළ ගමක් බව සහතිකයි
07 මුචලින්ද රජතුමා විසින් ඉදිකරවන ලද විල නදියට බටහිරින් වනය තුළ වෙයි
08 මහපැරකුම්බා වන් විසින් වැව් සකස්කළ නිසා උඩින් ගලාඑල ජලය හිග වීම නිසා සිදීගිය නේරංජනා නදියෙන් . කුඩා කොටසක් බුද්ධ බලයෙන් රැකීඅැත
09 බුදුන්වහන්සේ ඉසිපතන යට ( ඉසින්බැස්සගල ) වඩින අතරමගදී මුලින්ම වැඩිය ගම ( මහමුනි ආව) මාමිනියාව ආසන්නයේම පිහිටා ඇත
10 ඉසිපතනයට වඩින අතරමගදී නපස්සු භල්ලුක පෙළදුන් හමුවෙයි ( ඔවුන්ට ලැබුණු කේසධාතු නිධන් කර සෑදූ සෑය ( ගිරිහඞුසෑය සෑය මොරවැව ආසන්නයේ අැත )
ඉන්දියාවෙ මේ සාක්ෂි නැත .තවද එකක් කියමි .ඉන්දියාවෙ ගයාව හා ඉසිපතන ය අතර දුර කි මී 400 කටත් වැඩිය

මේවා ගැන සිතා බලන්න
මතු සම්බන්ධ යි 

Comments

Popular posts from this blog

ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

සිව්හෙළය

ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය