ගෝතම බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය

එම ස්ථානය නදියක් සහිත වනරොදකින් අලංකාරවූ මනරම් භූමි භාගයක් ලෙසට අරීය පරීක්ෂණ සූත්‍රයේ පැහැදිලි ව සදහන් වී ඇත . උරුවෙල යන නම සදහන් කරයි එහෙත් සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය ගයාව ලෙසට සදහන් නොකරයි .
" මගධේනු අනුපුබ්බේන චාරිකං වරමාතො යෙන උරුවෙලා සේනානිගමො තදවසරිං තත්ථද්දසං රමණීයං භූමිභාගං පාසාදිකකද්ච වනඝණ්ඩං නදිකද්ච සන්දන්ති සෙතකං සුපතිත්ථං රමණීයං සමන්තාච ගොචර ගාමං "
ගෝතම බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය වශයෙන් උගතුන් බොහෝ දෙනෙකු විසින් විස්වාස කරනු ලබන මේ හෙළදිව පිහිටි
හිරිවඩුන්න බෝධිරැක්ඛාරාම වන සෙනසුන සමග (එහි දක්නට ලැබෙන ජීවමාන සාක්ෂි සහිත නටඔුන් නිසා)
සාකල්‍යයෙන්ම ගැලපෙයි වරක් සංචාරය කර සත්‍යය වටහා ගනු මැනැවි .
01 ඇසතු බෝධීන් වහන්සේ ( සිරි මහ බෝධිය) උඩමලුවේ ඇත්තේ සංඝමිත්තා ව විසින් ගෙනයන ලද (දඹදිව සිට ලංකාපුරයට දැන් අනුරාධපුරය ට) මෙම බොධියේ ශාකාවයි
02 ගෝතම බෝසත් තුමා වෙනුවෙන් එම පළාත පාලන වූ මුචලින්ද නාග ගෝතික රජතුමා විසින් බෝධිය මුල ඉදිකරවන ලද වජාසනය ( ගල් ආසනය)
03 ඒක දේශීය බෝගයක් වන කුසතණ පදුරු
04 රුවන් සක්මන (මුචලින්ද රජතුමා සකස්කර වාදුන් සක්මන්මලුව
05 මුචලින්ද රජතුමා සකස්කොට දුන් (වැස්සෙන් ආරක්ෂාවට ) ගල් කුටිය සහ ගල් සයනය ( ඇද )
06 අජපල් නුගයේ පසුකාලීන ශාකයක් සහ ආසතය
07 නේරංජා නදියේ කොටසක් ( මහපැරකුම්බා විසින් ආදියේ මෙම ගග හරස්කර වැව් සාදවූ නිසා නදිය දෙකඩ වීඇත (ඉතිරි කොටස හුරුළු ඹයයි)
08 නුදුරු කස්සප නම් ගමක් අැත ( ,උරුවෙල් ..නදී ගයා ...ඈ ...කස්සප වරුන්ගේ ආරාමවල නටඔුන් වනය තුල ඇත
09 හිරිවඩුන්න ට ඉහළින් උඩංගාව නම් ගමක් . අැත ( පාත්‍ර ය උඩගං යැවීම සිහිකරවයි)
10 නේරංජනා ගදියට බටහිරින් මුචලින්ද විල පිහිටියේය( මුචලින්ද රජතුමා ඉදිකරවන ලද විලකි)
11 බුදුන් වහන්සේ ඉසින්බැස්සගල (ඉසිපතන ට) වඩිනා ගමනේම මුලින්ම වැඩිය ගම සිරි වැඩහුන් තැන (හිරිවඩුන්න නුදුරු ගමක්ය. මාමිනියාව ( මහ මුනි අාව) මහමුනි යනු බුදුන් වහන්සේ හැදින්වුණු වචනයකි

Comments

Popular posts from this blog

ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

සිව්හෙළය

ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය