බුද්ධ කාලීන කොඨඝ රට මුල්කරගත් සෝම නුවර සහ සේරු නුවර



  ත්‍රීකුණාමලයේ වර්තමාන කොටිටියාර් බොක්ක අවට පෙදෙස පැරණි කොඨඝ රටට අයිති විය .ඈත පුරාණ කාලයේ පටන්ම වෙළෙඳ නැව් තොටක් ලෙස පරසිදු කොඨඝ වරාය දැන් කොට්ටියාර් වීඇත කි පූ යුගවල සිට මෙය මාගම්පුර දිගාමඩුල්ල රාජධානියට අයත්වූ වැදගත් වෙළෙද වරායක් විය
මෙම කොට්ටියාර් බොක්කේ ස්‍යෙන්දර්යාත්මක පරිසරයක පැරණි සෝමනුවර පිහිටා තිබෙන්නට ඇත අතීතයේ පැවැති සොදුරු සිහිලැල් පඑිසරය අද එම පංලාතේ දක්නට නොලැබෙයි සෝමනුවර වෙනුමට අද ව්‍යවහාර වන්නේ සාම්පූර් යනුවෙන්ය ඓතිහාසික සිතියම්වලින්ද සෝමනුවර නාමය මැකීගොස් ඇත . කැළණියේ ශිව රජුගේ බෑනණුවන්වූ ගිරිවංශයට අයත්වූ ගිරිඅබා කුමරු සෝමනුවර නිර්මාත්‍ය වරයාය ඔහුගේ බිසව් වූයේ මාගම්පුර කාවන්තිස්ස මහරජු ගේ නැගණිය වූ සෝමාවතී කුමරියයි .
ගිරිනුවර වාසය කළබැවින් ගිරිඅබා නම් විය . ගිරිනුවර වෙත ගැමුණු කුමරුන්ගේ පැමිණි මත් සමග දෙදෙනා අතරවූ අමනාපයෙන් පසු ගිරිනුවර අතහැර සේරුනුවර ශිවරජු වෙත ගොස් ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලද්දාවූ මහවැලි නදීබඩ සොදුරු තැනෙක සෝමනුවර ඉදිකරවාගෙන ප්‍රාන්ත පාලකයෙකු වංශයෙන් රාජ්‍ය විචාළිය.
ගිරිඅබා කුමරු විසින් තම දේවිය නමින් සෝමාවතී සෑරදුන් ඉදිකර විය බුදුන්වහන්සේගේ දකුණු දළදාවහන්සේ නිදන් කර ඉදිකරනලද මෙම සෑරදුන් ගේ නිදානෝත්සවය අතිඋත්කර්ශවත් ලෙස කළබව ධාතුවංශයෙි සදහන්වේ .
වංශකතා වල විස්තර වනපරිදි සෝමාවතී සෑරදුන් පිහිටා ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රෝහණ දේශයේය එකළ කාවන්තිස්ස මහරජුගේ දිගාමඩුල්ල රාජධානිය ට අයිතිවිය. වර්තමාන යේ මහවැලිය ට සැ. 1/2 ක් නුදුරින් උතුරු මැද පළාතට යාව පිහිටා ඇත . කාලයාගේ ඇවෑමෙන් නදිය වෙනස්වෙමින් ගැලීම නිසා මෙසේ සිදුවීඇත .සෑයට යන මාර්ගය අද වැටී ඇත්තේ පුරාණ යේ ගැලූ මහවැලි නදිය හරහාය.
සේරුනුවර ශිව රජුගේ පාලන පුදේශය විය . වරාහ කොණ්ඩ නම්වූ විලක් අසල ඔහුගේ රජමාළිගය පිහිටි බව ජිනකාලමාලිනිය සදහන්කරයි. සේරුනුවර සහ සෝමනුවර යන මෙකී දෙනුවර කාවන්තිස්ස රජුගේ දිගාමඩුල්ල රාජධානියට රැකවල් රාජ්‍යවිය. දෙනුවරම කෘෂිකර්මාන්තයෙන් මෙන්ම භ්‍යෙතික සම්පතින්ද ආඪ්‍යවිය. සේරැවිල ආසන්නයේ පිහිටි තඔ නිදිය නිසා මහත් ධනයෙන් පිරිපුන් විය . වෙළෙඳ නැව්තොටන් ලෙස පරසිදු කොඪඝ වරාය අසබඩ පිහිටි මේ දෙනුවර නිසා කාවන්තිස්ස නිරිදුන්ගේ රාජ්‍යපාලනය ශක්තිමත් විය . කාවන්තිස්ස රජුගේ නොමසුරු අනුග්‍රහයෙන් සහ දෙනුවර රජ මැති සිටුවරුන්ගේ ධන පරිත්‍යාගයෙන් බුදුන් වහන්සේගේ ලළාට ධාතූන් වහන්සේ තැන්පත් කර සේරුනුවර මංගල චෙත්‍යය ඉදිකරනලදී. ඩ
මෙලෙස අතීතයේ දී ගෝකණ්ණ රජමහාවිහාරය සේරුනුවර මංගල මහා සෑය සෝමාවතී සෑය මෙන්ම ආසන්නයේ පිහිටි ලංකාපටුන විහාරය ද නැගෙනහිර හෙළ බ්‍යෙද්ධ පුනරුදයේ යෝධ ස්මාරකය න් විය .
ලංකා පටුන විහාරය සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ ඉච්චිලන් පත්තු පා ලේ කොට්ඨාසය ට අයත්ව පිහිටාඇත එම ස්ථානය ඉලංගකුරෙයි වශයෙන් ව්‍යවහාර වෙයි සමුද්‍ර ය අසල ගිරි මුදුනේ සෑයේ නටඔුන් දැකියහැකිය බුදුන් වහන්සේගේ වම්දළදාව රැගෙන මුහුදු යාන්ත්‍රාවකින් පැමිණි හේමමාලා සහ දන්කකුමරු ගොඩබට ස්ථානය මෙය වශයෙන් සලකනුලැබේ
සේරුනුවර මංගල සෑය ඉදිකිරීමටත් පසු සිරිවර්ධන නම් බෝධිය ක රෝපනයකරනලදබව ධාතුවංශයෙි සදහන්කරයි . මෙම බෝධිය 1976 ජූලි මස 29 දින දෙමළ අන්තවාදීන් ගේ ගහනයට පත්ව කපා කැබලිකොට ගිනිතබා විනාශ කර තිබුණි .
මූතූර් පා ලේ කොටසේ කිළිවෙඩ්ඩි තොටුපල අසල තිබුණු චෛතසික බොදීන් වහන්සේ ද 1976 අගෝස්කු මාසයේදී මෙලෙසම විනාශ කෙරුණි .
මෑතදී සෝමනුවර (සාම්පූර් ) මුහුදු සමීපව සුඩෙයි කුඩායි නම් තැන්හි වූ කුඩා කදුගැටයක පිහිටි මීටර් 12 ක විශ්කම්භය සහිත සෑය අන්තවාදීන් විසින් ඩෝසර්කර විනාශකර තිබේ මෙයට පෙර හිරුකෝවිල් දාගබත් සාගමදාගබත් මොට්ටගල කුඩාදාගබත් අන්තවාදීන් විසින් විනාශ කර නිදන් වස්තුද කොල්ලකාගෙන ගොස් තිබුණි
එදා බලන්ගොඩ කූරගල දාගබත් මුස්ලිම් අන්තවාදීන් විසින් විනාශකර දමන ලදත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යළි ස්ථාපිත කරවිය තවද අම්පාර පොතුවිල් පා ලේ කොට්ඨාසය ට අයත්ව පිහිටි ⁣⁣⁣⁣⁣ෛඑතිහාසික මුහුදු මහා විහාරය ද මුස්ලිම් අන්තවාදීන් ගේ තර්ජනයට ලක්වීඇත
රාජ්‍ය නායකයෝ නාමික බ්‍යෙද්ධ යෝය යහපාලනය හෝ සංහිඳියාව මුවාවෙන් හෙළ බොදු උරුමය අන්තවාදීන් ට විනාශ කිරීමට ඉඩහරිමුද ? අනාගත දරුදැරියනට බ්‍යෙද්ධ යැයි හඪගා කීමට දෙයක්ඉතිරිවේවිද?

Comments

Popular posts from this blog

ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

සිව්හෙළය

ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය