1 විජයබාහු ( කීර්ති කුමාර යා) රජ මාලිගය
අනුරාධපුර ය============///////=====================
අනුරාධපුර කුට්ටම් පොකුණ පාරේ වම්පසින් හමුවන 1විජයබාහු රජ මාලිගය දෙමහල් ගොඩනැගිල්ලක් වශයෙන් තිබී ඇත . අඩි තුනකට වැඩි පළලින් යුක්ත ශක්තිමත් ගඩොල් බැමි සහ අතුළත ඉතිරිව ඇති ගර්භ ගෘහයක පළල් බිත්ති එයට සාක්ෂි දරයි
අභ්‍යන්තර යේ පිහිටි විශේෂ කාමරයකැයි සිතිය හැකි දැනට ඉතිරිව ඇති බිත්ති වල චිත්‍ර ඇද තිබුණු බවට දැනට ශේෂව ඇති වර්ණ සටහන් වලින් පැහැදිලි වෙයි .මාළිගයට ඇතුල්වන පඩිපෙළවල් නැගෙනහිර ට සහ බස්නාහිර ට යොමුව ඇති අතර දොරටු පාමුල සංඛ සහ පද්ම බහිරව රූප සහිත අලංකාර මුරගල් පිහිටුවාඇත එයිනුත් නැගෙනහිර පවේශයේ බහිරව රෑප ඉතාමත් සජීව ආකාරයෙන් තවමත් දක්නට ලැබේ .
වර්ෂ 1055-== 1056 දී රුහුණු රට අධිපති වූ කීර්ති කුමාරයා පොළොන්නරුව රාජධානිය පැහැරගෙන සිටි සොළී බල මුලු සමග අඛණ්ඩ යුද වැදී වර්ෂ 1070 දී සොළීන් දිවයිනෙන් පලවාහැර තම මුතුන්මිත්තන් ගේ රාජධානිය වූ අනුරාධපුර යට විජයශීයෙන් ගමන්කර වසර තුනකට පසු මෙම මාළිගයේදී අභිශේක ලැභීය
මෙම මාළිගය 1 විජයබාහු රජතුමාගේ තාවකාලික ගෘහය වූ අතර රාජාභිෂේක යෙන් ටික ද්නකට පසු පොළොන්නරුවේ පිළිසකර කිරීම් අවසන් වූ වහාම පොළොන්නරුව වෙත ගමන් කෙළේය.
රණ ශූරත්වයෙන් 1 විජයබාහු රජුට වඩා උසස්වූ එකද සිංහල රජෙකු නොවීය ( සීතාවක රාජසිංහ == ටිකිරි කුමරු ඉපදෙන තෙක්) ශත වර්ෂයකට වඩා පැවති සොළීපාලනයෙන් හෙළදිව මුදවා එතෙක් වනගතව සිටි සිංහල පිරිස් නගා ජාත්‍යනුඑාගය ඔවුන් සිත්කුළ දල්වා සිංහල ජාතිය ගොඩ නැංවීය .
අතිශය භීෂණකාරී චෝළ පාලන සමයේදී කැලෑ වැදී අපමන දුක්පීඩා විදිමින් දිවි ගෙවමින් බලවත් වූ චොළ අධිරාජ්‍යයට එරෙහිව ගරිල්ලා සටන් වල නිරතවූ කීර්ති කුමාරයා මේ හෙළදිව එනල නොඉපදුනේනම් අද සිංහල කියා ජාතියක් සිටිනු සැක සහිත බව ඉතිහාසය නොදන්නා පින්වත් හෙළයින් ගේ දැනගැනීම පිණිස මෙහිලා සටහන් කරමු.
Comments
Post a Comment